වසරක ආදායම ඩොලර් මිලියන 200ක් නමුත් දෙමාපියන්ට සතපහක් දෙන්නේ නැති පුතා



ගූගල් සමාගම කියන්නේ දැවැන්ත සමාගමක්.
මේ සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා එහෙමත් නැත්නම් CEO ඉන්දීය ජාතිකයෙක්.
මෙයාගේ නම සුන්දර් පිච්චෙයි.
වයස අවුරුදු 45ක් වන සුන්දර් පිච්චෙයිගේ මාසික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 16කට අධිකයි.
වසරක ආදායම ඩොලර් මිලියන 200යි.
ඉතිං ඔය තරම් සල්ලි කන්දරාවක් තියෙන සුන්දර්ගේ දෙමාපියන් ඉන්න විදිහ දැක්කොත් ඔබ මවිතයට පත්වෙයි.
සුන්දර්ගේ මව සහ පියා චෙන්නායු නුවර ඉතාමත් සරළ ජීවිතයක් ගෙවමින් මහල් නිවාස සංකීර්ණයක පුංචි නිවසක තමයි ජීවත් වෙන්නේ.
දුප්පත් ජීවිතයක් ගතකරන මේ මව්පියන් සුන්දර්ගෙන් කිසිම මුදලක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලයි කියන්නේ.
සුන්දර්ගේ පියා විදුලි කාර්මික ඉංජිනේරුවෙක් විදිහට තමයි සේවය කරලා තියෙන්නේ.
මේ වන විට විශ‍්‍රාමික වැටුපෙන් ඉතාමත් අසීරු විදිහට තමයි සුන්දර්ගේ පියා සහ මව ජීවිතය ගත කරන්නේ.
සුන්දර්ගේ පියා ඔහුගේ පුතාගෙන් කිසිදු මුදලක් ගැනීමට අකමැත්ත ප‍්‍රකාශ කරන්න හේතුව පුතා දියුණු වුන කාලයේ සිට වසර ගණනාවක් තෙක් ඔවුන් ගැන කිසිම සොයාබැලීමක් නොකිරීමයි.
අවසානයේ අපිට කියන්න තියෙන්නේ මුදල් කොතරම් උපැයුවත් තමන්ගේ දෙමාපියන්ට සලකන්න බැරි දරුවන් කවදත් දුප්පත් කියලා පමණයි.




වසරක ආදායම ඩොලර් මිලියන 200ක් නමුත් දෙමාපියන්ට සතපහක් දෙන්නේ නැති පුතා වසරක ආදායම ඩොලර් මිලියන 200ක් නමුත් දෙමාපියන්ට සතපහක් දෙන්නේ නැති පුතා Reviewed by Daniel Sylvester on July 14, 2017 Rating: 5

No comments